FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ ජනරජ දිනයට ඩොනල්ඩ් ට්‍රම්ප්ට ආරාධනා..

එළැඹෙන වසරේ ඉන්දීය ජනරජ දින පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ආරාධනා කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කරයි.
මීට වසරකට පමණ පෙර ඇමරිකාවේ චාරිකාවක නිරත වූ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ධවල මන්දිරයේ දී ජනපති ට්‍රම්ප්ට ඉන්දියාවට පැමිණෙන ලෙස ආරාධනාවක් කර තිබුණි.
ඉන් පසුව ඊට මාස කිහිපයකට පෙර ඉන්දීය ජනරජ දිනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය මෝදි, ජනපති ට්‍රම්ප්ට ආරාධනාවක් යවා ඇති බව ඉන්දීය පී.ටී.අයි. ප්‍රවෘත්ති සේවය සදහන් කරයි.