FAST NEWS

24×7 Around the Globe

මරණය නියමවූවන්ගේ නම් දින 14 ක් ඇතුළත..

බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් වරදකරුවන් වී මරණ දඬුවම නියම වී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නම් ලැයිස්‌තුව සකස්‌ කර ඉදිරි සති දෙක ඇතුළත ප්‍රකාශයට පත්කිරීමය නියමිතව ඇත.
මරණ දඬුවම නියම වී සිටින මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවන් 18 දෙනකු සිටින අතර ඔවුන්ගේ නම් ලැයිස්‌තුව මේ වනවිට සකස්‌ කරමින් සිටින බව ද එහි ආරංචි මාර්ග කියා සිටියි.
මෙම 18 දෙනා අතර පාකිස්‌තාන ජාතිකයෝ සිවු දෙනෙක්‌ සිටින අතර ඔවුන් අතර කාන්තාවන් තිදෙනකු ද සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග කියා සිටියේය.
මේ අතර මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා පුරප්පාඩුව පවතින අළුගෝසු තනතුර සඳහා ලබන සතියේ සිට අයැදුම්පත් කැඳවීමට නියමිතය.