සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කල සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායමේ සියළු කඩුළු මීට සුළු මොහොතකට පෙර ලකුණූ 126 කට දැවි ගියේය.
මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේ රැස් කළ ලකුණූ 287 වඩා දකුණූ අප්‍රිකා කණ්ඩායම ලකුණූ 161 ක් පසු පසින් සිටියි.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවිමක නිරත වු දිල්රුවන් පෙරේරා කඩුළු 04 ක් සහ නායක සුරංග ලක්මාල් කඩුළු 03 ක් දවා ගැනිමට සමත් වුහ.
දකුණූ අප්‍රිකා කණ්ඩායම වෙනුවෙන් නායක ෆප් ඩු ප්ලෙසිස් ලකුණූ 49 ක් ලබා ගත්තේය.
අද (13) තරගයේ දෙවැනි දිනයයි.
ලකුණූ පුවරුව








