FAST NEWS

24×7 Around the Globe

උතුරේ යුධ හමුදාවට ‌‌තොරතුරු ලබාදෙන්න එපා….

මෙරට උතුරු පළාතේ සේවය කරන යුද හමුදාවට තමන්ගෙන් නොවිමසා කිසිදු තොරතුරක් ලබා නොදෙන්නැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් ප්‍රකාශ කර ඇත.
ඔහු මේ බව සදහන්කර ඇත්තේ ඊයේ (12) කිළිනොච්චියේ පැවති ආබාධිත වූවන් වෙනුවෙන් ඉදිවූ සංවර්ධන මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සී.වී.විග්නේශ්වරන්,
“මම කියන්න කැමැතියි උතුරේ සියලුම රාජ්‍ය නිලධාරීන්ට යුද හමුදාව තොරතුරු ඉල්ලන්න ආවොත් දෙන්න එපා කියලා. එහෙම ඇවිත් තොරතුරු ඉල්ලුවොත් ඔබතුමාලා එයාලට කියන්න උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා දැනුම් දීල තියෙන්නේ කිසිම තොරතුරක් එතුමන්ගෙන් විමසීමක් කරන්නෙ නැතුව දෙන්න එපා කියලා තියෙන්නෙ කියලා. මගෙන අහලා අවශ්‍ය තොරතුරු දෙන්නම් කියලා එයාලට කියන්න” යැයි පවසා සිටියේය.