FAST NEWS

24×7 Around the Globe

නාමල් රාජපක්ෂ මහතා රජයේ සේවකයෝ වැඩට අරන් තියෙන්නේ හරි අපුරු විදියකටලු.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයෙහි රජයේ ආයතන සඳහා සේවකයන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය මුළුමනින් ම හසුරුවනු ලැබ ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිල් බළකායේ සභාපති නාමල් රාජපක්ෂ මහතා විසින් බව අනාවරණය වේ.

කැබිනට් ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් හා ප්‍රාදේශීය දේශපාලනඥයන් තම පාක්ෂිකයන්ට රැකියා ලබා දීම සඳහා ලිඛිත ඉල්ලීම් කර ඇත්තේ නාමල් රාජපක්ෂ මහතාගෙනි.

මේ අනුව කැබිනට් ඇමතිවරුන්ට නැති බලයක් නාමල් රාජපක්ෂ මහතාට තිබී ඇති බව ද, රාජ්‍ය සේවකයන් ‍බඳවා ගැනීමේ පටිපාටියට මුළුමනින්ම බැහැර ව ඔහු කටයුතු කර ඇති බව ද හෙළි වේ. නාමල් රාජපක්ෂ මහතාට යවා ඇති ලිපිවල සඳහන් පරිදි 2014 මැයි මස 08වැනි දින නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහාමාර්ග දෙපාර්තමේන්තුවේ රැකියා ලබාදීම සඳහා ද, 2013.12.31 දින ජල සම්පාදන හා ජලාපවහන නියෝජ්‍ය අමාත්‍ය නිරූපමා රාජපක්ෂ මහත්මිය මාර්ග සංවර්ධන අධිකාරියේ රැකියා ලබාදීම සඳහා ද 2014.02.13 දින පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතා ලංකා බැංකුවේ රැකියා සඳහා ද 2013.05.06 දින වරාය හා මහාමාර්ග අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පුහුණුව සඳහා ද, 2013.11.26 දින පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතා පරිපූරක අතුරු වෛද්‍ය සේවයේ පුහුණුව සඳහා ද නාමල් රාජපක්ෂ මහතා හට තම පාක්ෂිකයන්ගේ නාම ලේඛන ඉදිරිපත් කර ඇත.

මෙහි සඳහන් වන්නේ නාමල් රාජපක්ෂ මහතාට එවැනි ඉල්ලීම් ඉදිරිපත් කළ කිහිප දෙනකුගේ නම් පමණි. වඩාත්ම හාස්‍යයට කරුණ වන්නේ වරාය හා මහාමාර්ග අමාත්‍යවරයා, වරාය අධිකාරියෙහි තම පාක්ෂිකයන් හට රැකියා ලබා දෙන මෙන් නාමල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටීම ය. ‍‍

මේ අනුව තාරුණ්‍යයට හෙටක් ලේබලය පාවිච්චි කරමින් තම පාක්ෂිකයන් හට රක්ෂා ලබාදීම නාමල් රාජපක්ෂ විසින් සිදු කර ඇත. නිල් බළකායේ සාමාජික සාමාජිකාවන් හට ලංකා බැංකුවෙහි පත්වීම් ලබා දීමට එරෙහිව එහි සභාපති ගාමිණී වික්‍රමසිංහ මහතා සේවයෙන් ඉල්ලා අස්විය.

din-08-11-ng-02-tpk10082015-337x400 din-08-11-ng-03-tpk110082015-294x400 din-08-11-ng-04-tpk10082015-300x400 din-08-11-ng-021-tpk2224410082015-272x400