FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර පළාතේ වාර විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවෙලා..?

බස්නාහිර පළාතේ ඇතැම් අධ්‍යාපන කලාප තුළ වාර විභාග ප්‍රශ්න පත්‍රවල මුල් පිටපත සී.ඩී. තැටි මගින් විදුහල්පතිවරුන්ට ලබාදීම තුළින් මුද්‍රණයේදී අක්‍රමිකතා රැසක් මතුව ඇති බව ගුරු සංගම් සදහන් කරයි.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් බස්නාහිර පළාත තුළ වාර විභාග ප්‍රශ්න පත්‍ර, විභාගයට පෙර පිටවී ඇති බවයි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගන්නා බව බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා ප්‍රකාශ කර සිටියි.