FAST NEWS

24×7 Around the Globe

තායිහි ළමුන් පිරිස සිරවූ ලෙන කෞතුකාගාරයක් වෙයි…

පසුගියදා සති දෙකකට අධික කාලයක් තිස්සේ ළමා පාපන්දු කණ්ඩායමක් සහ එහි පුහුණුකරු සිරවී සිටි තායිලන්තයේ චියං රායි ප්‍රාන්තයේ තාම් ලූවන් ලෙන කෞතුකාගාරයක් බවට පත් කිරීමට එරට රජය තීරණය කර ඇත.
මීට අමතරව ළමුන් පිරිස සිරවී සිටි මෙම ලෙන ඇසුරෙන් චිත්‍රපයක් නිපදවීමටද තායිලන්ත චිත්‍රපට සමාගම් දෙකක අවධානය යොමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තායිලන්තයේ තාම් ලූවන් ලෙන තුළ මෙම පිරිස දින සිරවී සිටි අතර, ඔවුන් නිරුපද්‍රිතව බේරා ගැනුනේ ඉතාමත් අසීරු මෙහෙයුමකින් පසුවයි. මේ පිළිබදව ලෝකයේම අවධානය යොමුවූ අතර බේරා ගැනීමේ මෙහෙයුම් සදහා ඉතා දක්ෂ පළපුරුදු කිමිදුම්කරුවන්ගේ සහාය ලැබිණි.