FAST NEWS

24×7 Around the Globe

වැලි කියුබ් එකක් රුපියල් 5000 කින් අඩු කිරීමට යයි..

භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් අඩු මිලට වැලි ලබාදීමට පියවර ගෙන තිබේ. ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය වැලි මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බැවින් එය පාලනය කිරීම සදහා මෙම පියවර ගැනීමට කටයුුතු කර ඇත.
නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පෙන්වා දෙන්නේ ඉදිකිරීම් සඳහා සහනයක් ලබාදීම පිණිස ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩපිළිවෙළ යටතේ දැනට වෙළෙඳ පොලෙහි රුපියල් 18,000 ක් පමණ වන වැලි කියුබ් එකක් රුපියල් 5000ක් අඩුවෙන් ලබාදීමට පියවර ගන්නා බවයි.
අඩු කරනු ලබන මුදලට වැලි ලබාදීම අගෝස්තු මස මුලදී ආරම්භ කෙරෙන අතර වැරැල්ලවත්ත කාර්යාංශ පරිශ්‍රයෙන් මිලදී ගතහැකිය.
මේ සම්බන්ධයෙන් භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ ගම්පහ, වැරැල්ලවත්ත කාර්යාලයේදී පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සහ එම කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතාගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් පැවති අතර ඉන්පසු සහ වැලි තොග ගබඩා කිරීමේ ස්ථානය නිරීක්ෂණය කරන ලදී.