FAST NEWS

24×7 Around the Globe

ගෑස් සිලින්ඩර් ඉන්දියාවෙන් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම විසින් ගෑස් බෙදා හැරීම සඳහා භාවිත කෙරෙන ආරක්ෂිත වෑල්ව සහිත හිස් LP ගෑස් සිලින්ඩර 656,298 ක් ඉන්දියාවෙන් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.
” M/s.Mauriya Udyog Ltd.” වෙතින් රුපියල් මිලියන 2,057.1 ක මුදලකට මෙම ගෑස් සිලින්ඩර මිලදී ගැනීමට නියමිත වන අතර එය සිදුකරනු ලබන්නේ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශයට අනුවයි.
මෙම යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසිනි.