FAST NEWS

24×7 Around the Globe

හතුරුසිංහ, ගුරුසිංහ හා නායක චන්දිමාල් ටෙස්ට් තරගාවලියෙන් ඉවතට..

දකුණු අප්‍රිකා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (12) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයෙන් ආරම්භවන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියට සම්බන්ධ නොවිමට ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ හා කළමණාකරු අසංක ගුරුසිංහ ජාත්‍යන්ත ක්‍රිකට් කවුන්සිලය සමග එකඟ වී ඇත.
ඔවුන් මෙම තීරණය ගැනීමට හේතුවී ඇත්තේ අයි.සී.සී.ය හා පැවැති විනය පරීක්ෂණයේ වරද පිළිගැනීමයි.
පසුගියදා ශ්‍රී ලංකා හා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලියේදී දිනේෂ් චන්දිමාල්ට පන්දුව පළුඳු කිරීමේ චෝදනා එල්ල වූ අතර එයට විරෝධය දක්වමින් ඔවුන් ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව මෙම විනය පරික්ෂණය පැවැත්විණ.
එහිදී ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා නොවන ආකාරයට ක්‍රීඩා කිරීම යන අයි.සී.සී. ආචාරධර්ම පද්ධිතය කඩකළ බවට චන්දිමාල්ට, හතුරුසිංහට හා ගුරුසිංහට චෝදනා එල්ල කෙරණි.
කෙසේවෙතත් ඊයේ (11) පස්වරුවේ මේ සම්බන්ධ පරීක්ෂණය පැවැති අතර එහිදී ඔවුන් තිදෙනාම වරද පිළිගෙන ඇති අතර ඒ අනුව අවම වශයෙන් ඔවුන්ට ටෙස්ට් තරග 02ක තහනමක් පැනවෙනු ඇත.