FAST NEWS

24×7 Around the Globe

පාපන්දු ලෝක කුසලානයේ අවසන් තරගයට ක්‍රොඒෂියාව සුදුසුකම් ලබයි..

රුසියාවේ පැවැත්වෙන 2018 ෆිපා පාපන්දු ලෝක කුසලානයේ අවසන් තරගය සඳහා ප්‍රථමවරට සුදුසුකම් ලබා ගැනීමට ක්‍රොඒෂියාව සමත්විය.
ඊයේ (11) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී එංගලන්ත කණ්ඩායම ගෝල 2-1 ක් ලෙස පරාජය කරමින් ක්‍රොඒෂියාව මෙම වරම දිනා ගත්තේය.
තරගයේ 05 වැනි විනාඩියේදී එංගලන්ත ක්‍රීඩක ට්‍රිපර් ගෝලයක් වාර්තා කරමින් පෙරමුණ ගත්තත් දෙවැනි අර්ධයේ 98 වැනි විනාඩියේදී පෙරිසික් ක්‍රොඒෂියාව වෙනුවෙන් ගෝලයක් වාර්තා කරමින් තරගය සමකළේය.
ඉන් අනතුරුව අතිරේක කාලයේදී එනම් 109 වැනි විනාඩියේදී මැන්ඩ්සුකික් වාර්තා කළ ගෝලය හේතුවෙන් ක්‍රොඒෂියාවට ජය හිමිවිය.
මේ අනුව පළමු අවසන් පුර්ව තරගයෙන් ජයගත් ප්‍රංශය හාක්‍රොඒෂියාව අතර අවසන් තරගය ලබන 15 වැනිදා පැවැත්විමට නියමීතය.
DE සිල්වා