FAST NEWS

24×7 Around the Globe

ලංකාවේ තෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපෙළ හිඟුරක්ගොඩට…

ශ්‍රී ලංකාවේ තෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපෙළ හිඟුරක්ගොඩ ඉදිකිරීමට නියමිත වන අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන සැලැස්මට සමගාමීව මෙම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉදිකිරීමට නියමිතය.
එමෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම ඊයේ (11) ‍අරලියගහ මන්දිරයේදී එළිදැක්වූ අතර වසර 2050දී ශ්‍රී ලංකාවේ නැගෙනහිර කවුළුව වශයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීමට නියමිතව ඇත.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහා සංවර්ධන සැලැස්ම හරහා ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමේ වැඩසටහන ආරම්භ කළ බවත් අග්‍රාමාත්‍යතුමා එහිදී සදහන් කළේය.