FAST NEWS

24×7 Around the Globe

වසර තුනකට පසු සුමනදාසට මහින්දගෙන් කොල් එකක්..

පසුගිය බ්‍රහස්පතින්දාට යෙදී තිබුණ ජන්ම දිනය නිමිත්තෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ හිටපු රාජකීය දෛවඥයා ලෙස සැලකෙන සුමනදාස අබේගුණවර්ධන මහතාගේ නිවසේ දේශපාලනඥයන්, කලාකරුවන් හා මාධ්‍යකරුවන්ගේ සහභාගිත්වයෙන් උත්සවයක් පවත්වා ඇති බව වාර්තා වේ.
එසේම මෙහිදි අබේගුණවර්ධන මහතා ගැන පසුගිය කාලයේ කාටුන් ශිල්පීන් විසින් අඳින ලද සිය ගණනක් වූ කාටුන් ප්‍රදර්ශනයක්ද මෙහිදී පවත්වා ඇති බවද පැවසේ.
කෙසේ වෙතත් වසර තුනකට පමණ පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුමනදාස අබේගුණවර්ධන මහතා අමතා උපන් දිනයට සුබ පතා ආශිර්වාද කර ඇති බවත් කියැවෙයි.
දෙදෙනා අතර කලකට පෙර සිටම පැවති සබඳතා සිහිපත් කරමින් බොහෝ වේලා කතාබස් කොට සුමනදාස අබේගුණවර්ධනට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමීන් මහින්ද රාජපක්ෂ මහතා පැරණි මිත්‍රකම අලුත් කරගෙන ඇත බව සඳහන්.