FAST NEWS

24×7 Around the Globe

ලෝකාන්තය නැරඹීමට කෙටි මගක් සොයා ගනී…

දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ගේ දැඩි ආකර්ශණයට ලක්වූ ලෝකාන්තය නැරඹීම සඳහා යාමට ඉතාම කෙටි මාර්ගයක් බලංගොඩ සිට නම්පෙරියල් වතුයාය හරහා තිබෙන බව සොයාගෙන ඇත.
මෙය නීත්‍යානූකූල ලෙස පවත්වාගෙන ගොස් මෙරට සංචාරක කර්මාන්තය නගා සිටුවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම ප්‍රදේශවල ජනතාව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
මේ මාර්ගය හරහා ලෝකාන්තය නැරඹීමට යන ඔනෑම සංචාරකයෙකුට ඇවිද යාමට ඇත්තේ කිලෝ මීටර් දෙක හමාරක් වැනි දුරක් පමණයි.
බලංගොඩ, බෙලිහුල්ඔය හා පඔහින්න ප්‍රදේශවල ජනතාව හා ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පසුගියදා මෙම මාර්ගයේ නිරික්ෂණයකට එක්විය.
නීත්‍යානුකූල ලෙස මෙම මාර්ගය සංචාරකයින් සදහා විවෘත කිරීමට හැකි වන්නේ නම් එය මෙරට සංචාරක කර්මාන්තයේ දියුණුවට මහගු පිටුවහලක් වන බව ඔවුන් පෙන්වාදෙයි.