බංග්ලාදේශ ඒ කණ්ඩායම සමග ඊයේ (10) ආරම්භ වු තෙවැනි සිව්දන තරගය පළමු දිනයට අත්හිටුවන විට සිය පළමු ඉනිම ක්රීඩා කරමීන් සිටි සංචාරක ශ්රී ලංකා ඒ කණ්ඩායම කඩුලු 03 ක් දැවි ලකුණූ 78 ක් ලබා සිටියේය.
මේ අනුව කාසියේ වාසිය දිනා සියළ පළමු ඉනිමට බංග්ලාදේශ කණ්ඩායම සියළු දෙනා දැවි රැස් කළ ලකුණූ 167 වඩා ශ්රී ලංකා කණ්ඩායම තවත් කඩුළු 07 ක් අතැතිව ලකුණූ 89 ක් පසුපසින් සිටියි.
නොදැවි පන්දුවට පහර දෙමීන් සිටි ෂෙහාන් ජයසුරිය ලකුණූ 53 ක් හා චරිත් අසලංක ලකුණු 07 ක් ලබා සිටියේය.
තරග තුනකින් සමන්විත සිව්දින තරගාවලිය 0-0 ලෙස සම තත්වයේ පසුවෙයි.
අද (11) තරගයේ දෙවැනි දිනයයි.
ලකුණු පුවරුව..









