FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිපයේ නව නිලධාරී මඩුල්ලකට සාකච්ඡා ආරම්භ කරයි..

ශ්‍රීලනිපයේ නව නිලධාරී මණ්ඩලයක් පත්කිරීම සඳහා මේ වන විට අභ්‍යන්තර සාකච්ඡා ආරම්භ කර ඇති බව පක්ෂයේ ආරංචි මාර්ග වාර්තා සදහන් කරයි.
එම පක්ෂයේ මහ ලේකම් ඇමැති දුමින්ද දිසානායක මහතා සිය තනතුරින් ඉවත් කරන ලෙස තිබූ ඉල්ලීම් හේතුවෙන් ඉකුත් ජූනි 03 දා එහි මධ්‍යම කාරක සභාව, සමස්ත ලංකා කාරක සභාව හා විධායක සභාව රැස්වීමෙන් අනතුරුව දින 45 ක් සඳහා මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මහ ‍ලේකම් ධුරයට පත් කෙරුණි.
අදාළ දින ගණන ඉක්මවූ පසු නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව, විධායක සභාව හා සමස්ත ලංකා කාරක සභාව රැස්වී නව මහ ‍ලේකම්වරයකු පත්කිරීමට නියමිත අතර ඒ සඳහා කිහිප දෙනකුගේ නම් යෝජනා වී ඇති බවද එම ආරාංචි මාර්ග සඳහන් කළේය.