FAST NEWS

24×7 Around the Globe

ට්‍රම්ප්ට එරෙහිව රියදුරු නඩු දමයි..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රියැදුරු වශයෙන් සේවය කළ නොයෙලි සින්ඩ්‍රොන් නැමැත්තා විසින් ට්‍රම්ප් හට නඩු පැවරීමට කටයුතු කර ඇත.
තමන් හට අතිකාල දීමනා නොගෙවූ බවට චෝදනා කරමින් ඔහු මෙම නඩුව ගොනුකර තිබෙන අතර වසර 25 ක්‌ තිස්‌සේ ට්‍රම්ප්ගේ රියෑදුරු ලෙස සේවය කළ බවත්, පැය දසදහස්‌ ගණන් වැඩකළ තමාට අතිකාල දීමනා ගෙවීමට ට්‍රම්ප් ක්‍රියා නොකළ බවත් සින්ඩ්‍රොන් සදහන් කරයි.
කෙසේ වෙතත් ඔහු ට්‍රම්ප්ගෙන් ඉල්ලා ඇති වන්දිය කොතෙක්‌දැයි මේ වනතෙක් හෙළිකර නොමැත.