ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අමෙරිකාව සහ චීනය අතර වෙළෙඳ යුද්ධය තීව්ර කරමින් අමෙරිකානු ඩොලර් බිලියන 200ක වටිනාකමින් යුත් චීන භාණ්ඩ සඳහා 10%ක අමතර තීරු බද්දක් පැනවීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම තීරු බද්ධ පනවන ද්‍රව්‍යන් අතර ආහාර නිෂ්පාදන, දුම්කොළ, ගල්අඟුරු, රසායනික ද්‍රව්‍ය, ටයර්, සුනඛ හා සත්ව ආහාර , රූපවාහිනී උපාංග, පරිභෝගික ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ඇතුළුව යෝජනාවී ඇති චීන නිෂ්පාදන භාණ්ඩ ලැයිස්තුවක් අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය මගින් නිකුත් කර තිබේ.
ජනපති ට්‍රම්ප් පරිපාලනය විසින් වසරකට අධික කාලයක් පුරා සිය අසාධාරණ ක්‍රියාකාරකම් නවතා දමා වෙළෙඳපොළ විවෘත කරමින් සැබෑ ලෙස වෙළෙඳපොළ තරගයට එක්වන ලෙස චීනයෙන් ඉල්ලා සිටි බව අමෙරිකානු වෙළෙඳ නියෝජිත රොබට් ලයිටිසර් යෝජිත තීරුබදු නිවේදනය කරමින් කියා සිටියේය.
එකට එක කිරීමක් ලෙස තමන්ට ප්‍රතිචාර දැක්වීමට චීනය පසුබට නොවන අතර මෙතෙක් ඒ පිළිබඳව තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති බවත් අමෙරිකානු වෙළෙඳ නියෝජිතවරයා සදහන් කර සිටියි .
කෙසේවෙතත් ඩොලර් බිලියන 34 ක වටිනාකමින් යුත් චීන නිෂ්පාදන සඳහා අමෙරිකාව පැනවූ 25%ක ආනයන තීරු බද්ද පසුගිය සතියේ සිට ක්‍රියාත්මක වන අතර ඊට ප්‍රතිචාර දක්වමින් අමෙරිකානු නිෂ්පාදන සඳහා ද සමාන වටිනාකමින් යුත් තීරු ආනයන බද්දක් පැනවීමට චීනය ද පියවර ගත්තේ ය.