FAST NEWS

24×7 Around the Globe

කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර එකතුකර මහ නගරයක් ඉදිකරනවා…

කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර යන නගර බස්නාහිර පළාතේ නාගරික ප්‍රදේශ එකිනෙකට සම්බන්ධ කෙරෙන මහ නගරයක් ලෙස සංවර්ධනය කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියි.
අගමැතිවරයා මේ බව සදහන් කර සිටියේ සිංගප්පූරුවේදී ඊයේ (09) ආරම්භ වූ ජගත් පුරවර සමුළුව, ජාත්‍යන්තර ජල සතිය හා පිරිසුදු පරිසර සමුළුව ආරම්භක සැසිවාරයේ ප්‍රධාන දේශනය පවත්වමින්.
මෙම ක්‍රියාවලියට පොළොව මට්ටමට ඉහළින් ඉදිවන සැහැල්ලු දුම්රිය සේවයක් හා මාර්ග පද්ධතියක්, බහු මාදිලි ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක්, පැරණි වාරිමාර්ග සංවර්ධනය මෙන්ම දියරමය ස්වාභාවික ගෑස් පිරිපහදු 03 ක් කිරීමද ඇතුළත් වන බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.
එමෙන්ම සැපයුම් සේවා නගරය, වනාන්තර නගරය සහ ගුවන් සේවා නගරයද මීට ඇතුළත් වන බවත්, මලාපවහන හා ඝන අපද්‍රව්‍ය බැහැර කරලීමේ ව්‍යාපෘති, පාරිසරික කලාප, ගංගා ද්‍රෝණි ඔස්සේ උපරිම ජනජීවී පසුබිමක් ඇතිකිරීම රජයේ අරමුණ බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.