FAST NEWS

24×7 Around the Globe

බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි..

බ්‍රිතාන්‍ය විදේශ ලේකම් බෝරිස් ජොන්සන් සිය ධූරයෙන් ඊයේ (09) ඉල්ලා අස්වූ අතර, හිස්වූ එම තනතුරට සෞඛ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ ජෙරමික් හන්ට් පත්කර ඇත.
මෙම නව පත්කිරීම අගමැතිනී තෙරේසා මේ විසින් සිදුකළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජනමත විචාරණයේ ප්‍රතිඵලය අනුව බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්වීම ලබන වසරේ මාර්තු 29 වන දා සිදුකිරීමට නියමිතයි. ඉන් අනතුරුව බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමය අතර සබදතා පවත්වා ගතයුතු ආකාරය පිළිබද මතභේද හේතුවෙන් මෙලෙස තෙරේසා මේ,ගේ රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම ඉල්ලා අස්විය.
බ්‍රික්සිට් හෙවත් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීම පිළිබදව කටයුතු කරන ඩේවිඩ් ඩේවිස් ද ඊට ඇතුළත්.