FAST NEWS

24×7 Around the Globe

අද සමාජෙ වැඩියෙන්ම දකින්නේ වෛරය හා ක්‍රෝධයයි…..හිටපු ජනපති

“අද වන විට සමාජය ඉතා ඉක්මනින් පිරිහීමට පටන්ගෙන තියෙනවා. නමුත් එදා එහෙම වුණේ නැහැ.රටතුළ පාලනයක්, විනයක් තිබුණා. ඒ වගේම නීතිය ක්‍රියාත්මක වුණා. නමුත් අද එහි වෙනස්වීමක් තියෙනවා. අද වන විට අපි වැඩියෙන්ම දකින්නේ වෛරය හා ක්‍රෝධයයි. මේ රටේ පසුගිය අවුරුදු තුනක කාලය අපි දකින්නේ ආගම පිරිහීම පමණක් නෙවෙයි සංස්කෘතිය, සාරධර්ම අතින් පිරිහුණු සමාජයක් “ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියි.
ඒ මහතා මේ බව සදහන් කර සිටියේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ විහාරස්ථානයක ‍චෛත්‍යයේ නිධන් වස්තු තැන්පත් කිරීමේ උත්සවයෙන් අනතුරුව අදහස් දක්වමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා,
“පාසල් දරුවෙකුට එයාගේ පන්තියේ අනිත් ළමයි පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් පසුගිය දවස්වල අපට අහන්න ලැබුණා. පන්තියේ ළමයි අනිත් පන්තියේ පළමු වැනියා වෙච්ච ළමයට ගහනවා. ළමයි 40 දෙනෙක් එකතු වෙලා එක ළමයෙකුට ගහනවා.පාසල් යනකොට පුද්ගලයෙකු ඇවිත් ළමයෙකුට මහපාර මැද තළනවා.
මේ වගේ තාඩන පීඩනවලට ලක්වෙන්න දරුවන්ගේ හදවත දරුණු වෙන්න හේතුව උදේ ඉඳන් වෛරය, පළිගැනීම ක්‍රෝධය රට තුළ පතුරුවන එක කියලයි මම විශ්වාස කරන්නේ. ඒක මහා භයානකයි. මේ ආණ්ඩුව මුළු සමාජයම වැරදි අතකට ගෙනියනවා. අද මේ කාරණය පිළිබඳව වඩා වැඩියෙන් අවධානය යොමු කරන්න දෙමවුපියන්ට සිද්ධ වෙලා තියෙනවා. අපේ දරුවන් රැකගැනීම දෙමවුපියන්ගේ, වැඩිහිටියන්ගේ වගකීමක්. දහම් පාසල් අධ්‍යපනයේ වැදගත්කම තියෙන්නේ එතැන. දහම් පාසල තුළ තමයි අපි දරුවෝ හදන්න ඕනේ.”