පසුගිය 23 වනදා තායිලන්තයේ චියං රායි ප්‍රාන්තයේ තාම් ලූවන් ලෙන තුළ සිර වූ ළමුන් 12 දෙනාගෙන් 08 දෙනෙකු මේ වනවිට කිමිදුම්කරුවන් විසින් මුදාගැනීමට කිමිදුම්කරුවන් සමත් විය.
සිරවී සිටින අවසන් ළමයින් 04 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු මුදා ගැනීමේ මෙහෙයුම අද (10) ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.
පසුගිය දින දෙක තුළ සිදුකෙරුණු මෙම මෙහෙයුම අපේක්ෂා කළ මට්ටමට වඩා සාර්ථක වූ බව තායි බලධාරීන් ප්‍රකාශ කර සිටින අතර මුදාගත් ළමයින් මේ වන විට රෝහල්ගත කර ප්‍රතිකාර ලබාදෙන අතර, ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව ද සදහන් කරයි.
17 වන රැයත් ලෙනෙහි ගත කළ අවසන් ළමයින් 4 දෙනා සහ පුහුණුකරු ද කඩිනමින් මුදා ගැනීමට අද මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙන්නේ ලෙන් ප්‍රදේශයට වැසි ඇද වැටීම නිසා ඔවුන්ගේ තත්ත්වය තවදුරටත් අනතුරුදායක විය හැකි වීම හේතුවෙන්.















