FAST NEWS

24×7 Around the Globe

නීතිවිරෝධී මිනිස් වෙළදාමට එරෙහිව ක්‍රියාකරන රටවල් අතරින් ලංකාව පෙරමුණට..

නීති විරෝධී මිනිස් වෙළදාමට එරෙහිව කටයුතු කරන රටවල් අතර ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී ඇත.
එමෙන්ම මිනිස් වෙළදාමට එරෙහිව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගන්නා පියවර ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඇගයීමටද ලක්ව තිබේ.
ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ තැනැන්තන් වෙළදාම සම්බන්ධයෙන් වන නවතම වාර්තාව අනුව ලංකාව දෙවැනි මට්ටමේ රැදී සිටින අතර මිනිස් ජාවාරමට විරුද්ධව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගෙන තිබෙන පියවර පිළිබද එහි විශේෂ ඇගයීමට ලක්කර ඇත.
විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානයක්කාර මහතා සදහන් කර සිටින්නේ මෙය ජාත්‍යන්තර වශයෙන් ලංකාවට ආධාර ලබාගැනීමේදී රටට වාසිදායක වන බවයි.