FAST NEWS

24×7 Around the Globe

ෆේස්බුක් සමාජ ජාලයෙහි අලුත් පිටුවක්..

ස්මාට් සමාජ කවයන්හි (SMART SOCIAL ClRCLE) ක්‍රියාකාරිත්වය තවදුරටත් පුළුල් ආකාරයෙන් සමාජගත කිරීම සඳහා ෆේස්බුක් සමාජ ජාලයෙහි ජාතික ෆේස්බුක් පිටුවක් සකස් කර තිබේ.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සදහන් කර සිටින්නේ ඒ හරහා ස්මාට් සමාජ කව සාමාජිකයන්ට, විශේෂයෙන්ම තමන්ගේ ව්‍යවසායක අවස්ථා ලෝකය හමුවට ගෙනයෑමේ අවකාශය සැලසෙන බවයි.
මීට අමතරව සෑම ස්මාට් සමාජ කවයක් සඳහාම ෆේස්බුක් පිටුව බැගින් මේ වනවිටත් සකසා ඇති අතර, ඒ ඔස්සේ ග්‍රාමීය ප්‍රජාව බාහිර ලෝකය සමග සම්බන්ධ කිරීම, ගමේ නිෂ්පාදන සඳහා වෙළෙඳ පොළක් සකස් කර ගැනීම, ග්‍රාමීය ජනතාවගේ සාමාජීය ගැටලු සදහා විසඳුම් සොයාගැනීම ආදී දෑ පිලිබඳව තොරතුරු සන්නිවේදනය කර ගැනීමට හැකිවන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.