FAST NEWS

24×7 Around the Globe

කැසිනෝ අධිරාජ්‍යයා සිය ව්‍යාපාර කටයුතු අත්හරියි…

ක්‍රවුන් රිසෝර්ට් කැසිනෝ අධිරාජ්‍යයේ හිමිකරු වූ ඕස්ට්‍රේලියානු ජාතික ජේම්ස් පැකර් සිය ව්‍යාපාර කටයුතුවලින් මුළුමනින්ම ඉවත්වීමට තීරණය කර ඇත.
ජේම්ස් පැකර් කැසිනෝ අධිරාජ්‍යයට සමුදුන්නේ මීට මාස කිහිපයකට පෙරයි. ඔහු ඊට පෙර මානසික ආතතිය හේතුවෙන් ගැටළු රැසකට මුහුණ දී ඇත.
නමුත් ඔහු පවුලේ ව්‍යාපාරය වන කොන්සොලිඩේටඩ් ප්‍රෙස් හෝල්ඩින්ග්ස් සමාගමේ ව්‍යාපාර කටයුතුවල තවදුරටත් නිරතව සිට ඇත.
තමන්ගේ මානසික සෞඛ්‍ය පිළිබඳ ගැටළුවලින් සුවපත් වෙද්දී එම ව්‍යාපාරයෙන්ද ඉවත්වීම ඔහු තීරණය කර තිබේ.