FAST NEWS

24×7 Around the Globe

කිරිවෙහෙරාධිපති හිමියන්ගේ රෝහල් බිල ගැන රජයෙන් ප්‍රතිචාරයක් නැහැ…

පසුගියදා වෙඩි ප්‍රහාරයකට ලක්වූ කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ගේ රෝහල් ගාස්තු රජය විසින් ගෙවීමට පොරොන්දු වුවද ඊට රජයෙන් මෙතෙක් ප‍්‍රතිචාරයක් ලැබී නොමැති බව වාර්තා වෙයි.
උන්වහන්සේ ප‍්‍රතිකාර සදහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණේ ඉකුත් ජූනි මස 13 වැනි දිනයි. මේ වන විටත් කොබවක ධම්මින්ද හිමියන් එම පෞද්ගලික රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබයි.
රෝහල් ගාස්තුව මිලියන 03 කට ආසන්න වන අතර මේ සම්බන්ධව බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරාගෙන් කළ විමසීමක දී ඔහු කියා ඇත්තේ ඉදිරි කැබිනට් රැස්වීමේදී තමන් ජනාධිපතිවරයාගෙන් මේ පිළිබදව විමසීමක් සිදු කරන බවයි.