ඉදිකිරීම් කර්මාන්තයට ශ්‍රී ලංකා දළ දේශීය නිෂ්පාදිතයෙන් සීයයට 7.4 ක් අයත්වන බවත්, එය කෘෂිකාර්මික ක්ෂේත්රයේ දළ දේශීය නිෂ්පාදිතයට වඩා ඉහළ අගයක් ගන්නා බවද, මේ වන විට අපගේ ඉදිකිරීම් ක්ෂේත්රයේ වාර්ෂික නිමැයුම් අගය ඇමරිකානු ඩොලර් බිලියන 03 ක් හෙවත් රුපියල් බිලියන 483 ක් පමණ වන බව පසුගියදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේ පැවති “Construction Expo” ඉදිකිරීම් මහා ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
ඉදිකිරීම් ක්ෂේත්රයේ වාර්ෂික නිමැයුම් අගය ඩොලර් බිලියන 03 ක්..







