FAST NEWS

24×7 Around the Globe

මොරගහකන්ද ජලාශයට අලුත් නමක්..

මොරගහකන්ද කලු ගග ජලාශයේ ඉදිකිරීම් වෙනුවෙන් නිවාස අහිමි වූ ජනතාවට ඒවා ලබාදීමේ වැඩපිලිවෙල මේ වන විට අවසන් අධියරේ පවතින බව මහවැලි රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා සදහන් කරයි.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියේ මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීම සදහා පැමිණි අවස්ථාවේදීයි.
මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය කුලසිංහ මොරගහකන්ද ජලාශය ලෙස නම් කිරීම ලබන 23 වනදා සිදුවන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන්කර සිටියේය.