FAST NEWS

24×7 Around the Globe

මත්තල ගුවන් තොටුපල මෙහෙයවීම ඉන්දියාවට…

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු පසු මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල ඉන්දියාව සමඟ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස පවත්වාගෙන යන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ප්‍රකාශ කරයි.
ඉන්දීය ගුවන් සේවා අධිකාරියේ නියෝජිතයින් සමඟ මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්ද පසුගියදා සිදුකර ඇත.
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාදය පිළිබඳව ඉන්දියාවේ හින්දු පුවත්පත විශාල ප්‍රසිද්ධියක් ලබාදී තිබූ අතර එහි ඒ පිළිබඳ වාර්තාවක් පළවී තිබුණේ ඉන්දියාව, ශ්‍රී ලංකාවේ පිහිටි ලොව ජනශූන්‍යතම ගුවන් තොටුපල මෙහෙයවීමට සැරසෙයි යන උද්ධෘත පාඨය යොදා ගනිමින්.
මත්තල ගුවන් තොටුපල සඳහා හින්දු පුවත්පත ලබාදී තිබූ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 210 ක්.