FAST NEWS

24×7 Around the Globe

ඉන්ධන මීල ගණන් සතිපතා ඉහළ පහල දැමෙයි !!!

ඉන්ධන මිල ගණන් සතිපතා වෙනස් කරන්නට  ගිය සතියේ රජය තිරණය කරඇති බවත් ඉන්ධන මිල සූත්‍රය අනුව තෙල් මිල ඉහළ පහළ දැමීමේ ක්‍රමවේදය යටතේ මෙම තීරණය ගත් බව රජයේ ආරංචි මාර්ග පවසයි.
පසුගිය සිකුරාදා සිට රජය ඉන්ධන මිල ගණන් ඉහළ දැමීය. ඒ අනුව පෙට්‍රල් ලීටරය රු. 145/- දක්වා ද, ඩීසල් ලීටරය රුපියල් 118/- දක්වා ද ඉහළ දැමිණි.
නමුත් පසුව එය අත්හිටවනු ලැබිණ. කෙසේ වෙතත් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල හා රුපියල් අවප්‍රමාණය වීම සලකාබලා ඉදිරියේදි සතිපතා මිල ගණන් තීන්දු කිරීමට නියමිතව ඇතැයිද පැවසේ.