FAST NEWS

24×7 Around the Globe

බංග්ලාදේශ ශ්‍රී ලංකා දෙවැනි තරගයත් ජය පැරදුමෙන් තොර වෙයි..

සංචාරක ශ්‍රී ලංකා ඒ කණ්ඩායම හා බංග්ලාදේශ ඒ කණ්ඩායම අතර පැවති දෙවන සිව්දින තරගය ජය පරාජයෙන් තොරව ඊයේ (06) අවසන් විය.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 05 කට ලකුණු 281 ක් ලබා සිටියදි ඉනිම අත්හිටුවිය.
එ අනුව සිය පළමු ඉනිම සදහා පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම තරගය නිමාවට පත්වන විට එක් කඩුල්ලක් පමණක් දැවි ලකුණු 59 ක් රැස් කරගෙන සිටියේය.
වර්ෂාව හේතුවෙන් මෙම තරගයේ පළමු දින දෙක අත්හැර දැමිමට සිදුවිය.
මේ අනුව තරග තුනකින් සමන්විත සිව්දින තරගාවලිය 0-0 ලෙස කණ්ඩායම් දෙකම සම තත්වයේ පසුවෙයි.
ලකුණු පුවරුව..

 

De සිල්වා