FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ කොමිෂන් සභාපතිගෙන් මැතිවරණය ගැන ලිපියක්..

පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් දැමීමකින් තොරව පැවැත්වීමට හැකි නෛතික අවශ්‍යතා සපුරා දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාපති මහින්ද දේශප්‍රිය පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.
ජනාධිපති, අගමැති, කථානායක ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ ‍ලේකම්වරුන් ඇතුළු නියෝජිතයන් වෙත ලිපියක් යොමු කරමින් සභාපතිවරයා මෙම ඉල්ලීම කර තිබේ.
පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය කොට කොට්ඨාස සමානුපාතික ක්‍රමය අලුතින් හඳුන්වා දුන්නත් මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කර එකී වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම හෝ එය සමාලෝචනය කර නව වාර්තාවක් අනුමත කර ගැනීමක් මතෛක් වී නැති හෙයින් නැගෙනහිර, උතුරු මැද හා සබරගමු පළාත්වල ඡන්දය පැවැත්වීමට නොහැකිව ඇති බවද අඳාල ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
De සිල්වා