FAST NEWS

24×7 Around the Globe

ජංගම දුරකථන සහ පරිගණක හරහා සිදුවන අපරාධවල වැඩිවීමක්..

වර්තමානයේදී ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාලය හරහා සිදුකරන අපරාධ වල වැඩිවීමක් දක්නට ලැබෙන බවත් මේ සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව වැඩි අවධානයක් යොමු කර ඇති බවත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කරයි.
ජංගම දුරකථන සහ පරිගණක යොදාගනිමින් මෙම අපරාධ සිදුවන බව පොලිස්පතිවරයා පෙන්වා දෙයි.
මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මේ බව සඳහන් කළේය.