FAST NEWS

24×7 Around the Globe

අපරාධ මැඩලන්න පොලිස්පතිගෙන් නව ඒකකයක්..

රටේ අන්තර්ජාල අපරාධ වැඩි වෙමින් ඇති බවත් ඒවායේ ඇති බරපතලකම හේතුවෙන් අන්තර්ජාල අපරාධ මැඩලීම සඳහා ප්‍රාදේශීය මට්ටමින් ඒකක පිහිටුවීමට පියවර ගත් බව පොලිස්පති පූජිත් ජයසුන්දර කියා සිටියි.
ඒ අද (04) මහනුවරදී ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදාගෙන ඉන්පසුව අස්ගිරි මල්වතු මහා විහාර වෙත ගොස් මහනා හිමිවරුන්ගේ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුවයි.
පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් මල්වතු මහා විහාරයේ ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නා හිමියන්ද දැනුවත් කරනු ලැබීය.
ඒ අනුව එහි පළමු පළාත් ඒකකය මෙලෙස මධ්‍යම පළාත කේන්ද්‍ර කර ගනිමින් අද (04) පිහිටුවෙන අතර අන්තර්ජාල අපරාධ මැඩලීමේ අංශය නමින් මෙම නව ඒකකය පසුගියදා කොළඹ පොලිස් මූලස්ථානයෙන් ආරම්භ කර ඇත. මේ අනුව ඉදිරියේදී පළාත් මට්ටමින් මෙම ඒකකය පිහිටුවෙනු ඇති.