FAST NEWS

24×7 Around the Globe

ජල හිඟයට පිළියමක් ලෙස ඇන්ටාක්ටිකාවේ හිම කුට්ටි එමීර් රාජ්‍යයට..

මැදපෙරදිග ජල හිඟයට පිළියමක් ලෙස ඇන්ටාක්ටිකා මහාද්වීපයේ පාවෙන හිම කුට්ටි එක්සත් අරාබි එමීරයේ වෙරළට ඇදගෙන ඒමේ නියමු ව්‍යාපෘතියක් ලබන වසරේ ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇත.
මෙම ක්‍රමට සාර්ථක වුවහොත් 2020 වසරේ මුල භාගයේදී විශාල හිම කුට්ටි අරාබිකරයට රැගෙන ඒමටයි සැලසුම් කරන අතර ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 50 ත්, 60 ත් අතර මුදලක් වැය වේ යැයි විශ්වාස කරයි. නියමු ව්‍යාපෘතියේදී ඇන්ටාක්ටිකා අයිස් ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරට හෝ දකුණු අප්‍රිකාවේ කේප් වෙරළට රැගෙන ඒමට නියමිතයි.
දැවැන්ත හිම කුට්ටි සිය වෙරළේ රදවා තැබීමෙන් උතුරු හෝ දකුණු ධ‍්‍රැව වෙත නොගොස් සංචාරකයන්ට ඒවා දැක ගැනීමට ද අවස්ථාව සැලසෙන බව එමීර බලධාරීන් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.