FAST NEWS

24×7 Around the Globe

රිය අනතුරු අවම කරන්න පොලිස් ඩමි යොදයි..

මෙරට බොහෝ රියදුරන් පොලිසිය දකින විට පමණක් නීතිය අනුවත් පොලිසිය නැති තැන අවනීතියෙනුත් වාහන ධාවනය කරනු කොතෙකුත් වාර්තාවේ. මේ හේතුවෙන් සිදුවන රිය අනතුරු ප්‍රමාණයද ඉතා ඉහළය.
මෙම ආකල්පය නිසාම වාහන අඩුවෙන් පෙනෙන පොලිස් අධික්ෂූෟණයක් නැතැයි සිතෙන පාරවල් වල අධික වේගයෙන් හිතුහැටියට ධාවනය කරන්නට ඇතැම් රියදුරන් කටයුතු කරයි.
මේ සදහා විකල්පයක් ලෙස පොලිස් නිලධාරියෙකු වේගය පරීක්ෂා කරන බව හගවන ට්‍රැෆික් නිලධාරීන්ගේ ඩමී පුවරු දිවයින පුරා පිහිටුවන්නට තීරණය කර ඇත.
කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ මෙම පුවරු මාර්ග ආසන්නයේ හුදෙකලාව සවිකර නොයන බවයි. ඒවා සවිකළත් ඒ අසළම පොලිස් නිලධාරීන්ද ගැවසෙනු ඇති බවයි.
මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ පුත්තලම කොළඹ මාර්ගයේ එසේ පිහිටුවා ඇති ඩමි කිහිපයකි.