පාසල් ගුරුවරුන් ,විදුහල්පතිවරුන් ඇතුළුව අධ්‍යාපන ක්ෂේත්රයේ 2,60,000 ක් වූ සේවකයින් අනිද්දා (04) ‘ලෙඩ නිවාඩු’ දමා සේවයට වාර්තා නොකරන බව ගුරු සංගම් පවසා සිටියි.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගැනීමට හේතුවී ඇත්තේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් 1,200 කට අධ්‍යාපන පරිපාලන සේවයේ හා විදුහල්පති සේවයේ තනතුරු ලබාදීමට ගෙන ඇති තීන්දුවට විරුද්ධව බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා කියාසිටී.
ගුරුවරු 2,40,000 ක් විදුහල්පතිවරු 15,000 ක් අධ්‍යාපන පරිපාලකයෝ 2,500ක් සහ ගුරු අධ්‍යාපනඥ සේවයේ 1,500ක් ඉතිහාසයේ පළමුවැනි වරට ඒකාබද්ධ වී මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වෙති.
මේ ලෙඩ නිවාඩුව හේතුවෙන් ආණ්ඩුවේ සියලු පාසල්වල අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන්ම ඇන හිටින තත්ත්වයකට පත්වෙයි.
විද්‍යා පීඨ 19ක්, කලාප කාර්යාල 97ක්, පළාත් අධ්‍යාපන කාර්යාල 9ක්, කොට්ඨාස කාර්යාල 315ක් සම්බන්ධ කරගනිමින් රට පුරා පාසල් 10,194 ක ගුරුවරුන් මෙසේ ලෙඩ නිවාඩු දැමීමට නියමිතය.
මෙම වෘත්තීය ක්රියාමාර්ගමෙම අත්තනෝමතික ක්‍රියාමාර්ගය අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය වහාම පියවර නොගන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යෑමට සියලු වෘත්තීය සමිති තීරණය කර ඇතැයිද මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය.