FAST NEWS

24×7 Around the Globe

ඇෆ්ගනිස්ථානයේ පිපිරීමකින් 19ක් ජීවිතක්ෂයට…

ඇෆ්ගන් ජනාධිපති අෂ්රෆ් ඝානි ජලාලාබාද් නගරයේ රෝහලක් විවෘත කර පැය කීපයකින් පසු නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ ජලාලාබාද් නගරයේ සිදුවූ දැවැන්ත පිපිරීමකින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තවත් 20 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.
ඇෆ්ගනිස්ථානයේ සුළුතරය වන සික් ජාතිකයින් පිරිසක් රැගෙන ගිය බස් රථයක් ඉලක්ක කර මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රහාරයෙන් මියගිය පිරිස අතර සික් ජාතිකයින් 10 දෙනෙකු පමණ සිටින අතර ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙක් භාරගෙන නොමැත.