FAST NEWS

24×7 Around the Globe

අපරාධ ක්‍රියාත්මක වීමට හේතුව අගරදගුරුතුමා පෙන්වා දෙයි..

ලංකාව තුළ අපරාධ ක්‍රියාත්මක වීමට මෙන්ම වැඩි වීමට පසුගිය 60-70 වසර තුළ ක්‍රියාවට නංවන ලද අධ්‍යාපන ක්‍රමය බලපා ඇති බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සදහන් කරයි.
අගරදගුරුතුමා මේ බව කියා සිටියේ හංවැල්ල, පහත්ගම ශාන්ත ජෝසප් කන්‍යාරාමයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
අපරාධ මැඩලීම සඳහා අධ්‍යාපන ක්‍රමයේ නව වෙනසක් සිදුකළ යුතු බවත්, එසේම, ඉරිදා සහ පෝය දිනවල පෞද්ගලික පන්ති තහනම් කරන ලෙස පැවති රජයෙන් මෙන්ම වත්මන් රජයෙන් ද ඉල්ලීම් කළද එය ඉටු නොවූ බව කාදිනල් හිමිපාණෝ අවධාරණයෙන් කියා සිටියේය.