FAST NEWS

24×7 Around the Globe

පසුගිය අප්‍රේල් වලින් පසු ළමා ආරක්ෂක අධිකාරියට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්..

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නව අධ්‍යක්ෂ මණ්ඩලයට සාමාජිකයන් 15 දෙනෙකු ඇතුලත් වන පරිදි නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ නම් ලැයිස්තුවට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබාදුන් බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.
නව අධ්‍යක්ෂ මණ්ඩලයට සාමාජිකයන් 15 දෙනෙකු ඇතුලත් වන අතර ඊට නිල බලයෙන් පත්වන්නන් 12 දෙනකු හා ජනාධිපතිවරයා විසින් නම් කරනු ලබන පුද්ගලයන් තිදෙනකු ඇතුලත් වේ.
නිල කාලය අවසන් වීම නිසා අධිකාරියේ පැවැති අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය අප්‍රේල් මාසයේදී අහෝසි වූ අතර නව අධ්‍යක්ෂ මණ්ඩලය පත්කිරීම විවිධ හේතු නිසා මාස තුනක් පමණ පමා විය.
මේ නිසා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නව බඳවාගැනීම්, ප්‍රතිපත්ති සකස් කිරීම් සහ ක්‍රියාත්මක කිරීමට බාධා පැමිණියේය.