FAST NEWS

24×7 Around the Globe

සනත් නැති වුවත්, මව මැතිවරණ වේදිකාවට මොරවකදී ගොඩ වේ.

දෙණියාය මොරවක මන්සන්ධියේ පෙරේදා (8) පැවැති එ.ජා.ප. ප්‍රචාරක රැලියට හිටපු නියෝජ්‍ය අමාත්‍ය හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය මහතාගේ මව බ්‍රීටා ජයසූරිය මහත්මිය ද එක්වූවාය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමේ වේදිකාවට ගොඩවූ බ්‍රීටා ජයසූරිය මහත්මිය එක්සත් ජාතික පක්ෂයට එක්වී ජනතාවට ආචාර කල ආකාරය ඡායාරූපයේ දැක්වේ.

මාතර දිස්ත්‍රික් කණ්ඩායම් අපේක්ෂක, අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා විසින් සංවිධානය කර තිබු එම රැලියේ දී පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ද ජනතාව ඇමතුහ.

සනාගේ මව මොරවක එ.ජා.ප. වේදිකාවේ