මෙතෙක් මැතිවරණ ප්රචාරක කටයුතු වලට එක නොවී ස්වාධින පිළිවෙතක් අනුගමනය කල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අද පුවත්පත් දැන්වීමකට පෙනී සිටිමින්, තමන්ගේ පක්ෂපාතිත්වය කාටදැයි අනාවරණය කර ඇත.
”සන්ධානයට ජය නියතයි – අනාගතයට සහතිකයක් : මෛත්‍රී පාලනයක්” යන තේමාවෙන් යුතුව අද සියලුම ජාතික පුවත්පත් වල එම දැන්වීම පළකර ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් එම දැන්වීම පළකර තිබේ.
මිට අමතරව සන්ධානයේ ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් ‘මෛත්‍රී පාලනයට’ අදාල කොටස අවධාරණය කරමින් පුළුල් ප්රචාරක වැඩසටහනක් හෙටින් ආරම්බ කිරීමට ‘මෛත්‍රී මිතුරෝ’ සුදානම් වේ. එය මුළුමනින්ම ශ්‍රීලනිප නායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිරූපය ඉස්මතු කෙරෙන ව්‍යාපෘතියකි.
මහ මැතිවරණයේදී සන්ධානය කිසියම් ජයග්‍රහණයක් ලබන්නේ නම්, එහි තනි ගෞරවය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අත්කර ගැනීමට ඉඩ නොතබා, ජනාධිපතිවරයා එම ජයග්‍රහණයේ ප්‍රමුඛයා විය යුතු බවට ජනාධිපති උපදේශයකින් ජනාධිපතිවරයාට යෝජනා කර ඇතැයි පැවසේ.
කෙසේවුවද මැතිවරණය ප්‍රකාශයට පත්කළ මොහොතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය වෙත කියා සිටියේ තමන් කිසිඳු පාර්ශවයකට සහය නොදී ස්වාධීනව කටයුතු කරන බවයි.








