රගර් ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ සැකකටයුතු මරණය සම්බන්ධයෙන් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ගෙන් සහ පසුගිය රජයේ ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්ත නිලධාරීන් කිහිපදෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.
පසුගිය රජයේ බලධාරීන් සමඟ සමීප සබඳතා ඇති සේනානායක මහතා තජුඩීන් මරණය පිළිබඳ පරීක්ෂණ කණ්ඩායම මෙහෙයවීය.
සිද්ධියට පෙර ජනාධිපති ආරක්ෂක අංශ කඳවුරේදී වසීම් තජුඩීන් සම්බන්ධව සාකච්ඡාවන් පැවැති බවට ද තොරතුරු ලැබී ඇතැයි ‘දිනමිණ’ පුවත්පත වාර්තා කරයි.
රගර් ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ මෘත ශරීරය වැඩිදුර විමර්ශන සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වෛද්‍ය නිලධාරීවරයා ඉදිරිපිටදී අද පෙරවරුවේ ගොඩ ගැනීමට නියමිතය.








