FAST NEWS

24×7 Around the Globe

විස්සයි විස්සෙන් නවසීලන්තයට දැවැන්ත ජයක්.

සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කර හරාරේ ක්‍රීඩාංගණයේ ඊයේ (09දා) පැවැති එකම විස්සයි20 තරගයෙන් ලකුණු 80ක දැවැන්ත ජයක් ලැබීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත්විය. ඒ අනුව ශූරතාවද ඔවුන්ට හිමිවිය.

සිම්බාබ්වේ කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 198/5 ක් රැස්කිරීමට සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ සිම්බාබ්වේ කණ්ඩායමට සිය පන්දුවාර 20 අවසානයේ රැස්කිරීමට හැකිවූයේ ලකුණු 118/8 ක් පමණි.

තම පළමු විස්සයි20 ජාත්‍යන්තර තරගයට ක්‍රීඩාකළ නවසීලන්ත කණ්ඩායමේ ජෝර්ජ් වෝකර් තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත් අතර, ක්‍රෙග් අර්වින් තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය.

1(6) 2(10)