කොළඹ බැස්ටියන් මාවතේ ගමන් මල්ලක තිබී කාන්තා මළ සිරුරක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු පැටි‍්‍රක් කින්නරාසා නමැති සැකකරු කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.
එ් කොළඹ අපරාධ කොට්ඨාසය මගින්.
සැකකරු අද (07) පස්වරුවේ කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සැකකරු අත්අඩංගුවට ගැනුනේ මන්නාරම ප‍්‍රදේශයේදීයි. හඳුනාගත නොහැකි ලෙස සැකකරු සිය මුහුණේ ස්වරූපය වෙනස් කරගෙන සිටි බවයි පොලීසිය පැවසුවේ.
කාර්තිකා නමැති අදාළ කාන්තාව ලැගුම්හල තුලදී සෙරප්පුවකින් පහරදුන් බවත්, ඉන් කුපිත වූ තමන් ඇගේ ගෙල සිර කළ බවත් සැකකරු පොලිස් ප‍්‍රශ්න කිරීම්වලදී ප‍්‍රකාශ කර තිබෙනවා.
ගෙල සිර කිරීමෙන් සිහිසුන් වූ කාර්තිකාගේ සිරුර ගමන් මල්ල තුළට දමා ලැගුම්හලෙන් පිටතට රැගෙන විත් බැස්ටියන් මාවතේ දමා ගිය බවයි සැකකරු වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබෙන්නේ.








