රග්බි කී‍්‍රඩක මොහොමඞ් වසීම් තාජුදීන්ගේ සිරුර යළි ගොඩගෙන පරීක්ෂණ සිදු කිරීම සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු අකමැත්තක් නැතැයි තාජුදීන්ගේ සොහොයුරා වන මොහොමඞ් අස්ෆාන් තාජුදීන් පවසනවා.
විමසීමකදී ඔහු කියා සිටියේ තාජුදීන්ගේ මරණය සම්බන්ධයෙන් පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන පරීක්ෂණවලට පවුලේ සාමාජිකයන් සම්පූර්ණ සහාය ලබාදෙන බවයි.
මොහොමඞ් තාජුදීන්ගේ සිරුර ලබන සඳුදා ගොඩගැනීමට නියමිතයි. කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ඉදිරිපිටදී මළ සිරුර ගොඩගත යුතු බවයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කළේ.
තාජුදීන්ගේ සිරුර භූමදාන කර තිබෙන්නේ දෙහිවල මුහදීන් ජුම්මා පල්ලියේ සුසාන භූමියේයි. ඉකුත් දා සිට අදාළ ස්ථානයට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොදා තිබෙනවා.
තාජුදීන්ගේ මරණය රිය අනතුරකින් සිදුවූවක් නොවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා අධිකරණය හමුවේ කියා සිටියා.








