FAST NEWS

24×7 Around the Globe

තාජුඩීන් ඝාතනයට සම්බන්ධ තිදෙනකු ගැන රාජිත හෙළි කරයි.

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට ජනාධිපති ආරක්ෂක අංශයේ තිදෙනකු සම්බන්ධ බවට තොරතුරු ඇතැයි කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා බ්‍රහස්පතින්දා (6) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
2012 වසරේ මැයි 17 වැනිදා සිදුවූ තාජුඩීන්ගේ මරණය ඝාතනයක් බවට රහස් පොලිසිය අධිකරණයට වාර්තාවක් සපයා ඇතැයිද එම ක්‍රීඩකයා ඝාතනය කිරීමට ප්‍රධානියකුගේ අණක් ලැබී ඇතැයිද සේනාරත්න මහතා එම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් පැවසීය.
මේ අතර ඔහු පැහැර ගැනීමට යොදාගත් බව කියන ඩිෆන්ඩර් ජිප් රිය එදා සිටි ප්‍රභූවරියකට දුන් බව කියන රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රධානියකුගෙන්ද රහස් පොලිසිය ප්‍රශ්න කර ඇතැයි දැනගන්නට ඇත.