FAST NEWS

24×7 Around the Globe

හිරුණිකාට මිලියන 500ක එන්තර වාසියක්.

තමන්ට අපහාසාත්මක ප්‍රකාශයක් කළා යැයි පවසමින් උදය ගම්මන්පිල මහතා හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියගෙන් රුපියල් මිලියන 500ක් ඉල්ලා එන්තරවාසි යවා තිබෙනවා.

ගම්මන්පිල මහතාගේ නීතිඥ තුෂාර දිසානායක මහතා මගින් යැවූ එන්තරවාසියට අනුව දෙසතියක් ඇතුළත කෝටි 50ක වන්දියක් නොගෙවන්නේ නම් අධිකරණය හමුවේ නඩු පවන බවයි පැවසෙන්නේ.

2015 ජූලි 02වන දින පැවති රුපවාහිනී වැඩසටහනක දී හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය තමන්ට නිශ්චිත චෝදනා තුනක් ඉදිරිපත් කළ අතර ඒවා මඩ ප්‍රහාර බව උදය ගම්මන්පිල මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ද සඳහන් කළා.
“එතුමිය සඳහන් කරපු කාරණා අනුව මම 2003 දී ගෑනු ළමයෙක් කසාද බඳින බවට පොරොන්දු වී අනාථ කරලා පොලීසියේ පැමිණිල්ලක් තියෙනවා කියලා එතුමිය සඳහන් කළා. මම කිව්වා ඇයි ඒ වගේ දෙයක් කියනකොට අඩුම ගානේ පොලීසියේ තියන පැමිණිල්ලේ පිටපතක්වත්, අඩුගානේ පොලිස් පැමිණිල්ලේ අංකයවත් අරගෙන එන්ඩ ඕනි නේද කියලා ඇහුවහම එතුමිය නිහඬව හිටියා.

ඊට අමතරව කියනවා මම යකඩ හොරකම් කරලා අහුවෙලා කියලා. යකඩ හොරකමේ යනවා කියන එක සාමාන්‍යයෙන් යකඩ වගේ බර දේවල් උස්සන්න මම හිතන්නේ යෝධයෙක් තමයි යකඩ හොරකම් කරන්න යන්ඩ ඕනි.

සල්ලි හොරකමක් එහෙම නෙවෙයි කිවුවේ. යකඩ හොරකමේ ගිහිල්ලා මාව බේර ගන්න කියලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ, එහෙම නැත්තම් එයාගේ වචනයෙන් කියනවානම් රනිල් සර්ටයි, චන්ද්‍රිකා මැඩම්ඩයි, කකුල් දෙක අල්ලලා වැඳ වැටුණයි කියලා.

ඒ වගේම තුන්වන බොරුව තමයි මැතිවරණයෙන් පස්සේ මම ඉදිරිපත් කළ අය වැය බොරු කියලා”