ආමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද වන්නි දිස්ත්‍රික්කයේ වැලිඔය ප්‍රදේශයේ ප්‍රචාරක කටයුතු වල නිරත වුනා.එහිදී වැලිඔය ගම්වාසීන් හමුවේ ඔහු ප්‍රකාශ කර සිටියේ රැකිරක්ෂා ගැටලුවට විසදුමක් වශයෙන් ඇගලුම් කර්මාන්ත ශාලාවක් මෙම ප්‍රදේශයේ ඉදි කරන බවයි.
එමගින් රැකියා අවස්ථා 1000ක් පමණ ඉදිරියේදී බිහි වනු ඇතැයි එතුමන් වැඩිදුරටත් සදහන් කළේය.
එමෙන්ම මෙය මැතිවරණ පොරොන්දුවක් නොවන බවත් දැනටමත් ඒ සදහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත් සදහන් කළේය.
වැලිඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තම විසින් සැදුවා මෙන්ම ඉදිරියේදී වැලිඔය ප්‍රදේශයට ප්‍රාදේශීය සභාවක්ද තමන් රැගෙන එන බවත් ප්‍රදේශයේ නිවස ගැටලුවටද ඉක්මන් විසදුම් ලබා දෙන බවත් හෙතෙම පැවසිය.












