ඉන්දීය කණ්ඩායමේ ටෙස්ට් නායකත්වයට පත්වීමෙන් පසුව තමන් සහභාගී වන පළමු ටෙස්ට් තරගාවලිය මෙය වුවත් නායකත්වයේ පීඩනය ගෙන සිය ක්‍රීඩා රටාව වෙනස් නොකරන බව ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නායක විරාත් කෝලි පැවසීය.
ඊයේ (05)කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් දැක්වීය.
එසේම ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරගේ අවසන් තරගාවලිය මෙය බවත් ඔහු දවාගැනීම ඉන්දීය කණ්ඩායමේ සැලසුම බවත් කෝලි සඳහන් කළේය.
“මගේ තරග දිවිය පටන් ගත්තෙ ශ්‍රී ලංකාවේදී. ශ්‍රී ලංකාව මම ආසාවෙන් ක්‍රීඩා කරන කණ්ඩායමක්. මේක හොඳ තරගාවලියක් වේවි. කණ්ඩායම් දෙකම හොඳින් ක්‍රීඩා කරනවා. නායකයා වශයෙන් මම හිතන්නෙ නෑ මගේ ක්‍රීඩා විලාසය වෙනස් කළ යුතුයි කියලා. මම හැමවෙලේම වගකීමෙන් ක්‍රීඩා කරන්න බලන්නෙ. නායකත්වයෙ කියලා පීඩනයක් ගන්නෙ නෑ. මම හොඳින් පිතිකරණයේ යෙදෙන්න බලාපොරොත්තුවෙනවා. අපි ඔස්ට්‍රේලියාවේදී හොඳින් ක්‍රීඩා කළා. කණ්ඩායමේ හැමෝටම හොඳ මානසිකත්වයක් තියෙනවා. මම හිතන්නෙ තරගාවලිය සමබරයි”යනුවෙන් ඔහු කියාසිටියේය.






